"යමන් මචන් රට", "වහපියවූ ගාමන්ට් මේ කොරෝනා කාලේ " - මා දකින බුද්ධි ගලනය හා අපේ රට
මෙය මා විසින් මෙයට වසරකට පමණ පෙර වෙන වැඩක් නොමැති (නිදහස්) අවස්ථාවක සිදුකළ කුඩා අධ්‍යනයක් වන අතර මා අදහසක් ගෙන පසෙකට කර තැබූ අධ්‍යනයන් අතරින් මා සිත් ගත් එකක්ද වන්නේය. අපේ රට අද පත්ව ඇති තත්වය පිළිබදව විද්‍යාත්මක ලිපියක් ලිවීමේ සිතක් පහල වුයේ පහත සඳහන් කාටුන් රූපය දැකීමෙන් පසුවයි...එයටම කුඩා කල සිට එකට සිටි මාගේ ගමේ, පාසලේ සහ වාසිටියේ හොඳම මිතුරන් රැසක් අද අප රට තුල නොමැති වීමට හේතුවද සබැදි නිසා එයද මාතෘකා කොට ගත්තෙමි... පසුගිය වසරේදී කොරෝනා ඇදිරිනීති සමයේදී මෙයට අදාල දත්ත මා විසින් ලබාගත්තේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ "THE ATLAS OF ECONOMIC COMPLEXITY" ව්‍යාපෘතිය ආශ්රයෙන් වන අතර මෙම ව්‍යාපෘතිය පිලිබදව මුලින්ම මා දැනුවත් කල මාගේ ඉතා සමීප ගුරු පියකු වන පේරාදෙණිය ඉංජිනේරු පිඨයේ ආචාර්ය අරුණ මානිපුරයන්ට මාගේ කෘතන්යතාවය පුදකරමි. ඇතැම් විට පැය ගණන් ඇදෙන විෂයානුබද්ධ (රසායනික හෝ ද්‍රව්‍ය ඉංජිනේරු විද්‍යාවන්ට අදාළ) හෝ නොවන අපේ සාකච්චා බොහෝවිට දිවයන්නේ මෙවැනි මනෝවිකාර අදහස් ඔස්සේ බව කිවයුතුමයයි සිතමි .... කුහුල ඇත්තෝ මෙම දිගුව භාවිතා කරත්වා ....https://atlas.cid.harvard.edu...
Comments
Post a Comment