භාෂාව කන්නද? ඉංග්‍රීසි නැතුව කොහොමද දියුණු වෙන්නෙ ?

මාගේ තරමක වෙනස් මතයක් මේ ක්‍රියාව සම්බන්දයෙන් ඇත. (එය ජාතිකත්වයම පමණක් පදනම් වූ අදහසට එහා ගිය ළමා මනෝවිද්‍යාව හා පෞර්ෂ සංවර්ධනයද සම්බන්ධ දෙයක්) ඉංග්‍රීසි භාෂාව හරහා අපට විශාල දැනුම් සම්භාරයකට ඇතුල්වීමේ අවකාශය ලැබීම ඉතා සාධනීය දෙයක් උවත් අපගේ ඉතා පැරණි කාලයක සිට පැවත එන ජානමය පරම්පරාවන් හරහා අපට ලැබෙන සුවිශේෂි වූ හැකියාවන් අවදිවීමේ ඉහළ හැකියාවක් අප මුලික ළමා වියේ අධ්‍යාපනය තම මවු භාෂාවෙන් හදාරන විට ලැබෙන අත්හැරිය නොහැකි ප්‍රබල වාසියකි . තවද මවු භාෂාව යනු සන්නිවේදනය සිදු කරන උපාංගයක් පමණක් නොව අප හැගීම් හා ආකල්පයන් ඔප්නවන ප්‍රබලම සංස්කෘතික රැකවලෙක්ද වන්නේය. සිංහලෙන් සිතන්නා නැති තැන සිංහල ජාතියක්ද දෙමළ භාෂාවෙන් නොසිතන තැන දෙමළ ජාතියක්ද නොවන්නේය. එබැවින් මාගේ පුද්ගලික අදහස වන්නේ සිංහල හා දෙමළ අපේ රාජ්‍ය භාෂාවන් වීම අගනා තීන්දුවක් වන අතරම ඉංග්‍රීසි භාෂාවෙන් පාසල් අධ්‍යාපනය ආරම්භ කිරීම නරක දෙයක් නොවන බවත් ඒ සදහා ගැලපෙන වයස විද්‍යාත්මක හා සංස්කෘතික පැවැත්ම සලකා සිදු කල යුතු බවත්ය .... මෙයට අමතරව අද තාක්ෂනය වේගයෙන් දියුණු වන යුගයක ලෝකයේ වේගවත් භාෂා පරිවර්තක උපාංගයන් කෘතීම බුද්ධිය ආශ්‍රිතව නිපදෙමින් තිබෙන නිසා අප භාෂාවන් ඉගෙනීමට යොදවන කාලය විශේෂිත වූ විෂය දැනුමක් ලබා ගැනීමට යොමු කිරීම උචිත යයි සිතමි. අද්‍යාපන ප්‍රතිසංස්කරණ පදනම් විය යුත්තේ වර්තමාන සන්ධර්බයට නොව වසර 10කින් එහා වියහැකි දෙය පුරෝකථනය කිරීමෙන් ලැබෙන ප්‍රතිපලයට අනුව බව මාගේ විස්වාසයි. මේ ක්‍රියාමාර්ගය වෙනුවට අපට හැකි නම් අපේ පාසල් අධ්‍යාපන කාලයද ඇතුළු මූලික උපාධිය දක්වා වූ සම්පුර්ණ කාලය තව වසරක් හෝ දෙකක් අඩුකර (දැනට ඉංග්‍රීසි භාෂා ගුරු පුරප්පාඩු සහිත පාසැල් වල පුරප්පාඩු පිරවීමද සිදු කර) අඩු වයසින් පුද්ගලයන් රටේ දියුණුවට දායක කිරීම තුලින් රටේ ඉදිරිගමන හා පුද්ගල සංවර්ධනයද ඉක්මන් වන බවත් දිලිදු පවුල් සදහා දරුවන්ගේ අද්‍යාපනයට වද විය යුතු කාලයද අඩුවන බව මගේ හැගීමයි. 1956 සිදු කල ආකාරයේ දේශපාලනික වාසි තකා සිදුකල සංස්කෘතික හානියක් නැවතත් නොවේවායි මා පතමි. අවසාන වශයෙන්, සාහිත්‍ය කන්නද? ඉතිහාසය මොකටද? ඇසු අයත් අප රටේ සිටි බවද අප අමතක නොකළ යුතු නැත.. සාහිත්‍ය (අන්‍යොන්‍ය වූ ආගමික සංකල්පයන්ද ඇතුළුව) යනු හදවතේ ආහාරයක් වන අතරම එය සංවේදී මිනිසුන් බිහිකරන අතරම ඉතිහාසය නැවත නැවතත් සිදුවන බැවින් එය තීරණ ගැනීමේදී මොලයට අවශ්‍ය ආහාරයක් බව අප අමතක නොකළ යුතු බව මාගේ අදහසයි.... ඔව් එහෙම බැලුවොත් සාහිත්‍යයි, ඉතිහාසයි කන්න තමා... නමුත් එය දිරවා අවසන් වූ පසු ලෝකය ගද ගස්සන්නේ නම් නැත... "....Languages are the vehicle through which traditional knowledge is encoded, expressed and transmitted. Safeguarding linguistic diversity is fundamental to the protection of traditional knowledge. People who no longer speak in their mother tongue have limited access to traditional knowledge and are likely to be excluded from vital information about subsistence, health and sustainable use of natural resources. Therefore, linguistic diversity also plays a central role in linking cultural and biological diversity. It also plays a fundamental role in well-being. Yet, it is estimated that one language goes extinct every 3.5 months and that 3134 of the 6901 known living languages are endangered. At least 150 of the 250 Aboriginal languages in Australia have been lost since European colonization in 1788, and today, only 60 of them are still considered healthy..." [Emerging trends in the generation, transmission and protection of Traditional Knowledge, Prof Henrietta Marrie AM] ඒ සම්බන්ධයෙන් සිදුකල එක් අධ්‍යනයක දිගුව පහත වේ. මේ හා සමාන අධ්‍යනයන් විශාල ප්‍රමාණයක් ඔබටද අන්තර්ජාලය තුලින් සොයාගත හැකි වනු ඇත ...... https://ie-today.co.uk/people-policy-politics/the-importance-of-mother-tongue-in-education/?fbclid=IwAR1SeZwKabt7RPCwR_sKCYOVnSdtBeLVh4S6UyG5d4aUvjiz4I9c0J1B3ho#:~:text=Mother%20tongue%20makes%20it%20easier,critical%20thinking%20and%20literacy%20skills&text=Self%2Desteem%20is%20higher%20for%20children%20learning%20in%20mother%20tongue

Comments

Popular posts from this blog

"යමන් මචන් රට", "වහපියවූ ගාමන්ට් මේ කොරෝනා කාලේ " - මා දකින බුද්ධි ගලනය හා අපේ රට