Posts

Showing posts from June, 2021

භාෂාව කන්නද? ඉංග්‍රීසි නැතුව කොහොමද දියුණු වෙන්නෙ ?

Image
මාගේ තරමක වෙනස් මතයක් මේ ක්‍රියාව සම්බන්දයෙන් ඇත. (එය ජාතිකත්වයම පමණක් පදනම් වූ අදහසට එහා ගිය ළමා මනෝවිද්‍යාව හා පෞර්ෂ සංවර්ධනයද සම්බන්ධ දෙයක්) ඉංග්‍රීසි භාෂාව හරහා අපට විශාල දැනුම් සම්භාරයකට ඇතුල්වීමේ අවකාශය ලැබීම ඉතා සාධනීය දෙයක් උවත් අපගේ ඉතා පැරණි කාලයක සිට පැවත එන ජානමය පරම්පරාවන් හරහා අපට ලැබෙන සුවිශේෂි වූ හැකියාවන් අවදිවීමේ ඉහළ හැකියාවක් අප මුලික ළමා වියේ අධ්‍යාපනය තම මවු භාෂාවෙන් හදාරන විට ලැබෙන අත්හැරිය නොහැකි ප්‍රබල වාසියකි . තවද මවු භාෂාව යනු සන්නිවේදනය සිදු කරන උපාංගයක් පමණක් නොව අප හැගීම් හා ආකල්පයන් ඔප්නවන ප්‍රබලම සංස්කෘතික රැකවලෙක්ද වන්නේය. සිංහලෙන් සිතන්නා නැති තැන සිංහල ජාතියක්ද දෙමළ භාෂාවෙන් නොසිතන තැන දෙමළ ජාතියක්ද නොවන්නේය. එබැවින් මාගේ පුද්ගලික අදහස වන්නේ සිංහල හා දෙමළ අපේ රාජ්‍ය භාෂාවන් වීම අගනා තීන්දුවක් වන අතරම ඉංග්‍රීසි භාෂාවෙන් පාසල් අධ්‍යාපනය ආරම්භ කිරීම නරක දෙයක් නොවන බවත් ඒ සදහා ගැලපෙන වයස විද්‍යාත්මක හා සංස්කෘතික පැවැත්ම සලකා සිදු කල යුතු බවත්ය .... මෙයට අමතරව අද තාක්ෂනය වේගයෙන් දියුණු වන යුගයක ලෝකයේ වේගවත් භාෂා පරිවර්තක උපාංගයන් කෘතීම බුද්ධිය ආශ්‍රිතව

"යමන් මචන් රට", "වහපියවූ ගාමන්ට් මේ කොරෝනා කාලේ " - මා දකින බුද්ධි ගලනය හා අපේ රට

Image
මෙය මා විසින් මෙයට වසරකට පමණ පෙර වෙන වැඩක් නොමැති (නිදහස්) අවස්ථාවක සිදුකළ කුඩා අධ්‍යනයක් වන අතර මා අදහසක් ගෙන පසෙකට කර තැබූ අධ්‍යනයන් අතරින් මා සිත් ගත් එකක්ද වන්නේය. අපේ රට අද පත්ව ඇති තත්වය පිළිබදව විද්‍යාත්මක ලිපියක් ලිවීමේ සිතක් පහල වුයේ පහත සඳහන් කාටුන් රූපය දැකීමෙන් පසුවයි...එයටම කුඩා කල සිට එකට සිටි මාගේ ගමේ, පාසලේ සහ වාසිටියේ හොඳම මිතුරන් රැසක් අද අප රට තුල නොමැති වීමට හේතුවද සබැදි නිසා එයද මාතෘකා කොට ගත්තෙමි... පසුගිය වසරේදී කොරෝනා ඇදිරිනීති සමයේදී මෙයට අදාල දත්ත මා විසින් ලබාගත්තේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ "THE ATLAS OF ECONOMIC COMPLEXITY" ව්‍යාපෘතිය ආශ්‍රයෙන් වන අතර මෙම ව්‍යාපෘතිය පිලිබදව මුලින්ම මා දැනුවත් කල මාගේ ඉතා සමීප ගුරු පියකු වන පේරාදෙණිය ඉංජිනේරු පිඨයේ ආචාර්ය අරුණ මානිපුරයන්ට මාගේ කෘතන්‍යතාවය පුදකරමි. ඇතැම් විට පැය ගණන් ඇදෙන විෂයානුබද්ධ (රසායනික හෝ ද්‍රව්‍ය ඉංජිනේරු විද්‍යාවන්ට අදාළ) හෝ නොවන අපේ සාකච්චා බොහෝවිට දිවයන්නේ මෙවැනි මනෝවිකාර අදහස් ඔස්සේ බව කිවයුතුමයයි සිතමි .... කුහුල ඇත්තෝ මෙම දිගුව භාවිතා කරත්වා ....https://atlas.cid.harvard.edu

පුත්තලම් ලුණු, ගිලුණු නැව හා අපේ රට

Image
මේ වන විට අපේ රටේ වෙළදපලේ විකිණීමට ඇති ලුණු තොග ප්‍රමාණය සීග්‍රයෙන් පහල බසිමින් ඇත. එයට හේතුව වී තිබෙන්නේ නුදුරැ අනාගතයේදී අපිට ගුණාත්මක භාවයකින් යුතු ලුණු ලබාගැනීමට හැකියාවක් නැතැයි යන සන්නිවේදනයන්ට රැවටෙන මහජනතාව තම නිවසේ හැකි පමණ ලුණු රැස් කිරීමට වෙහෙසීමයි. මේ බව පහතින් දැක්වෙන අද දින කොටස් වෙළදපල ආයතනික විචල්‍යයන් තුලින්ද පෙනුනේ රයිගම් ලුණු සමාගමේ සීග්‍ර කොටස් මිල ඉහල යාමෙනි. අපේ රට මේ වනවිට ප්‍රධාන වශයෙන් සමාජ මාද්‍ය මගින් හසුරුවන මට්ටමකට පැමිණ ඇති බැවින් අප සැම විටම ලැබෙන තොරතුරු වල විද්‍යාත්මක භාවය හා නිරවද්‍ය භාවයට මනා අවධානයක් යොමුකළ යුතුව ඇත. මෙහිදී වගකිවයුතු මාද්‍ය හා විශේෂයෙන්ම ප්‍රාමාණික විද්වතුන්ගේ කාර්යභාරයද ඉතා වටිනා බව සිතමි. ලුණු පිලිබදව මා ප්‍රාමාණික විද්වතෙකු නොවුනද විදවතුන් විසින් සිදුකල ඒ හා සමගාමී අධ්‍යනයන්ට සැමට ඇති අවකාශය මටද ඇති බැවින් ඒ පිලිබදව සිදුකල කුඩා අධ්‍යනයක් පල කිරීමට සිතුවෙමි ලුණු අපේ රටේ විකිනීමට තත්ව සහතිකය අනිවාර්ය නොවන බවද ලුණු නිපදවීමේ කාර්ය තරමක කාලයක් (මාස කිහිපයක්) ගතවන ක්‍රියාවලියක් බවද මුලින්ම සිහි තබා ගැනීම මැනවි. සිදුවූ නා