භාෂාව කන්නද? ඉංග්‍රීසි නැතුව කොහොමද දියුණු වෙන්නෙ ?
මාගේ තරමක වෙනස් මතයක් මේ ක්‍රියාව සම්බන්දයෙන් ඇත. (එය ජාතිකත්වයම පමණක් පදනම් වූ අදහසට එහා ගිය ළමා මනෝවිද්‍යාව හා පෞර්ෂ සංවර්ධනයද සම්බන්ධ දෙයක්) ඉංග්‍රීසි භාෂාව හරහා අපට විශාල දැනුම් සම්භාරයකට ඇතුල්වීමේ අවකාශය ලැබීම ඉතා සාධනීය දෙයක් උවත් අපගේ ඉතා පැරණි කාලයක සිට පැවත එන ජානමය පරම්පරාවන් හරහා අපට ලැබෙන සුවිශේෂි වූ හැකියාවන් අවදිවීමේ ඉහළ හැකියාවක් අප මුලික ළමා වියේ අධ්‍යාපනය තම මවු භාෂාවෙන් හදාරන විට ලැබෙන අත්හැරිය නොහැකි ප්‍රබල වාසියකි . තවද මවු භාෂාව යනු සන්නිවේදනය සිදු කරන උපාංගයක් පමණක් නොව අප හැගීම් හා ආකල්පයන් ඔප්නවන ප්‍රබලම සංස්කෘතික රැකවලෙක්ද වන්නේය. සිංහලෙන් සිතන්නා නැති තැන සිංහල ජාතියක්ද දෙමළ භාෂාවෙන් නොසිතන තැන දෙමළ ජාතියක්ද නොවන්නේය. එබැවින් මාගේ පුද්ගලික අදහස වන්නේ සිංහල හා දෙමළ අපේ රාජ්‍ය භාෂාවන් වීම අගනා තීන්දුවක් වන අතරම ඉංග්‍රීසි භාෂාවෙන් පාසල් අධ්‍යාපනය ආරම්භ කිරීම නරක දෙයක් නොවන බවත් ඒ සදහා ගැලපෙන වයස විද්‍යාත්මක හා සංස්කෘතික පැවැත්ම සලකා සිදු කල යුතු බවත්ය .... මෙයට අමතරව අද තාක්ෂනය වේගයෙන් දියුණු වන යුගයක ලෝකයේ වේගවත් භාෂා පරිවර්තක උපාංගයන් කෘතීම බුද්ධිය ආශ්‍රිතව...